Search

ගුවන්ගතවී තත්පර 30 න් යානයක් කඩා වැටේ

ගුවන්ගතවී තත්පර 30 ක් ගතවීමට මත්තෙන් සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.

වෛද්‍ය ප්‍රවාහන ජෙට් යානයක් සිකුරාදා ෆිලඩෙල්ෆියා හි නිවසක් මතට කඩා වැටී මෙලෙස ගිනිගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර වන අවස්ථාවේ දී පුද්ගලයන් දෙදෙනෙකු යානයේ සිටි බව ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය පවසනවා.

මගීන් 60 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු රැගත් ඇමරිකානු ගුවන් යානයේ බිහිසුණු අනතුර සිදුව දින දෙකක් යන්නටත් මත්තෙන් තවත් එවැනි අනතුරක් සිදුවීමෙන් බොහෝ දෙනෙක් කම්පාවට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ සිදුවු මෙම අනතුරින් නිවාස කිහිපයක් ද විනාශ වී ඇති අතර ජීවිත හානිද සිදුව ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

යානය Springfield වෙත ගමන් කිරීමටයි පිටත්ව ඇත්තේ.