
ශ්‍රී ලංකාවේ පෞද්ගලික වාහන ගෙන්වීමට අදාළව නවතම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අද (පෙබරවාරි 01) සිට බලපැවැත්වෙන පරිදී එක් එක් වාහන සම්බන්ධයෙන් බල පැවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.
ඒ අනුව පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කරමින් මගී ප්‍රවාහන, විශේෂ කාර්ය වාහන, වාණිජ සහ භාණ්ඩ ප්‍රවාහන සහ පෞද්ගලික වාහන ආනයනය සම්බන්ධව මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

එම ගැසට් පත්‍රය මගින් කැබ් රථ, ඔටෝ-රික්ෂෝ, මෝටර් සයිකල්, පාපැදි සහ විශේෂ කාර්ය වාහන ද ඇතුළු කාණ්ඩ කිහිපයක වාහන සඳහා පනවා තිබූ තහනම ඉවත්කර තිබෙන බවයි වාර්තා වන්නේ
කාණ්ඩ තුනකින් වාහන වෙළෙඳපොළ යළි විවෘත කිරීම සඳහා සැලසුම් කර ඇතැයි එරට ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය දා පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

ඒ අනුව, 2025 වසරේ පෙබරවාරි මස 1 වන දා සිට සිට පෞද්ගලික ප්‍රයෝජනය සඳහා මෝටර් රථ ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව ඔහු එහිදී සදහන් කළා.