Search

නයගරා හිමෙන් මිදෙයි

හිම සහ අයිස් වලින් වැසුනු ලෝක ප්‍රසිද්ධ නයගරා දිය ඇල්ලේ විශ්මය ජනක දර්ශන මාධ්‍යයට නිකුත් වී තිබෙනවා.

දිය ඇල්ලේ ජලය සම්පූර්ණයෙන් මිදී ගොස් නොමැති අතර අයිස් තට්ටුව යටින් දිගින් දිගටම ජලය ගලායනු දක්නට ලැබෙන බවයි සඳහන් වන්නේ.

කැනඩාව සහ එක්සත් ජනපදය අතර දේශසීමාව හරහා ගමන් කරන මෙම ජල කඳ, දිය ඇලි 3 ක එකතුවකින් සෑදී තිබෙනවා.

උතුරු ඇමරිකාවේ ඇතැම් ප්‍රදේශවල ඉදිරි දින කිහිපය තුළ දැඩි උණුසුම් කාලගුණික තත්වයක් අපේක්ෂා කළද නයගරා දිය ඇල්ල  ප්‍රදේශයේ ඉහළ හිම පතනයක් දැකිය හැකි බවයි සංචාරකයින් පවසන්නේ.

උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ මට්ටමක පැවතුනත් 1848 න් පසු නයගරා ඇල්ල සම්පූර්ණයෙන් මිදී ගොස් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ.

ලෝක ප්‍රකට නයගරා දියඇල්ලෙන් විශාල ජල කඳක් ගලා යන අතර දිය ඇල්ල පාමුල පවතින මීදුම සහ දැඩි සුළං තත්වය හේතුවෙන් දිය ඇල්ල හරහා පිහිනීමේ හැකියාවක් නොමැති බව වාර්තාවල සඳහන්

එමෙන්ම නයගරා ඇල්ල වෙත සංචාරය කිරීමට සුදුසුම කාලය වන්නේ ජූනි සිට අගෝස්තු මස දක්වා යි.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »