
ලැව් ගින්නෙන් වික්ටෝරියා හි බටහිර ප්‍රදේශයේ ජනප්‍රිය මංගල උත්සව ශාලාවක් ගිනි ගෙන විනාශ වී තිබෙනවා.
පවතින තත්වය හමුවේ ඩිම්බූලා පදිංචිකරුවන්ට තම නිවාස වලින් වහා පිටවන ලෙසයි නගරාධිපතිවරයා දැනුම් දී ඇත්තේ.
මේ වනවිට ඩිම්බූලා ප්‍රදේශවාසීන් 190 ක් පමණ ඔවුන්ගේ සුරතල් සතුන් සමග හොර්ෂාම් හි තාවකාලික සහන මධ්‍යස්ථානවල රැඳී සිටිනවා.
ලිට්ල් ඩෙසර්ට් ජාතික වනෝද්‍යානයේ පවතින ලැව් ගිනි තත්වය හේතුවෙන් පසුගිය සඳුදා ෆාම් හවුස් දෙකක් සහ කලාපයේ කීර්තිමත් ලිට්ල් ඩෙසර්ට් නේචර් ලොජ් එක විනාශ වුණා.
ගින්න මේ වනවිට හෙක්ටයාර් හැට පන්දහසකට අධික ප්‍රදේශයක ව්‍යාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ගින්නෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල පිළිබඳ වාර්තා නොවන බවයි හදිසි කළමණාකරණ අංශය කියාසිටියේ.