Search

රටින් පලාගිය ඇෆ්ගන් ක්‍රීඩිකාවෝ ඔස්ට්‍රේලියාවේ දී යළි එක්වෙයි

2021 වසරේ දී අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්තානයේ පාලනය තලේබාන් සංවිධානය යටතට ගැනීමත් සමග එරටින් පලාගිය ක්‍රිකට් ක්‍රීඩිකාවන් පිරිසක් මේ වනවිට ඔස්ට්‍රේලියාවේදී එක්වී ක්‍රිකට් කණ්ඩායමක් ද පිහිටුවාගෙන තිබෙනවා.

එම කණ්ඩායම පළමුවරට මෙල්බන් හි පසුගියදා (29) පැවති ක්‍රිකට් තරගයකට ද ක්‍රීඩාකර ඇති

Cricket Without Borders XI කණ්ඩායම සමගින් ඔවුන් මෙම තරගය ක්‍රීඩා කර ඇති අතර, මෙය ආධාර එක්රැස් කිරීමේ  පුණ්‍ය තරගයක් ලෙසින් පවත්වා තිබෙනවා.

මෙම තරගය ක්‍රීඩාකිරීමෙන් පසු Afghanistan Women’s XI කණ්ඩායමේ නායිකා නහිඩා සැපන් පවසා ඇත්තේ, අධ්‍යාපනය සහ ක්‍රීඩාව ඇෆ්ගනිස්තා කාන්තාවන්ට විවෘත කිරීමට මෙම තරගය පණිවුඩයක් වනුඇති බවයි.

ඇෆ්ගනිස්තානයේ පාලනය තලේබාන් සංවිධානය විසින් අත්පත්කර ගැනීමත් සමග එරට කාන්තාවන්ට නිර්දය ලෙස දැඩි සීමා පනවා තිබෙනවා.

එහිදී කාන්තාවන්ට ක්‍රීඩාව සහ අධ්‍යාපනය තහනම් කර තිබුණා.

මේ හේතුවෙන් සිය ගණන් ඇෆ්ගනිස්තාන කාන්තා ක්‍රීඩිකාවන් ලොව විවිධ රටවලට පලා ගොස් තිබෙනවා.

ඒ අනුව වසර තුනකට පෙර ඇෆ්ගනිස්තානයෙන් පලා ආ මෙම ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඔවුන්ගේ පළමු තරගයට මෙලෙස ක්‍රීඩා කර ඇති බව සදහන්.

මේ වනවිට ඇෆ්ගනිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ බොහෝ දෙනෙක් ඔස්ට්‍රේලියාවේ සරණාගතයින් ලෙස පදිංචිව සිටින බව සදහන්.

HELP / HECS ණය ඇති සිසුන්ටත් පහසුවෙන් නිවසක් ගන්න අවස්ථාවක්

ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »