Search

සිඩ්නි පුපුරන ද්‍රව්‍ය කැරවෑන් රථය ගැන අගමැතිගේ ප්‍රකාශය

ඔස්ට්‍රේලියානුවන්ගේ ආරක්ෂාව පවත්වාගෙන යාම මාගේ පළමු රාජකාරිය බව අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

ඊයේ අග්‍රාමාත්‍යවරයා සමග පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සිඩ්නිහි කැරවෑන් රථයක තිබී හමුවූ පුපුරන ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් මාධ්‍ය වේදියෙකු ප්‍රශ්න කළා.

එහිදී ඇන්තනී කියාසිටියේ පොලීසිය සහ බුද්ධි අංශ වල පරීක්ෂණ කටයුතු සඳහා අපගේ උපරිම සහය ලබාදීම දෙවන අරමුණ බවයි

සිඩ්නිහි සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික කැබිනට් මණ්ඩලය රැස්වීමේ අවශ්‍යතාව නියෝජ්‍ය විපක්ෂ නායකවරයා අවධාරණය කළ බව මාධ්‍යෙව්දීයා එහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.

මෙය දේශපාලන විවාදයක් නොවිය යුතු බවත්  අඛන්ඩව පවත්වාගෙන යන පරීක්ෂණ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කිරීම නුසුදුසු බවයි අගමැතිවරයා වැඩිදුරටත් කියාසිටියේ.