
වසර තුනකට ආසන්න කාලයක් මහජනතාවට වසා වික්ටෝරියා හි වඩාත් කාර්යබහුල උමං මාර්ගයක් යළි විවෘත කර තිබෙනවා.
ඒ අනුව පසුගිය ජනවාරි 29 වනදා සිට Degraves Street උමං මාර්ගය නැවත නැවත විවෘත කර කෙරුණා.
මෙම උම මාර්ගය වසා දැමීමත් සමග මෙල්බන් වැසියන්ට දුම්රිය මාර්ග වෙත ප්‍රවේශ වීමේ ගැටලු රැසක් ඵැන නැග ඇති අතර දිනකට දහස් සංඛ්‍යාත
පදිකයින් පිරිසක් මෙම උමං මාර්ගය භාවිත කර ඇති බව සදහන්.

ප්‍රතිසංස්කරන කටයුතු සඳහා මෙම උමං මාර්ගය වඩා තැබුණා.
නව අලුත් වැසියාවන් සමග මෙම උමං මාර්ගයට නව විශේෂාංග රැසක් ද එක්කර ඇති අතර එක් එක් වේදිකාවට ප්‍රවේශ වීම සඳහා නව සෝපාන හයක්, සම්පූර්ණ සිවිලිම ප්‍රතිස්ථාපනය මෙන්ම නිසි ආලෝක පද්ධතියක් ද ඇතුලත්.

නිසි ආරක්ෂක පද්ධතියක් ද නව ප්‍රතිසංකරණ යටතේ
Degraves Street උමං මාර්ගයට එක් කර තිබෙනවා.
මගීන්ට දැන් Flinders Street Station හි වේදිකා අතර හුවමාරු වීමට වඩාත් පහසු වන අතර Flinders Street සහ Degraves Street හි උමං මාර්ගයේ පිටවීම් තවමත් වසා ඇති බව සදහන්.