Search

ඔස්ට්‍රේලියානුවන් ශ්‍රී ලංකාවේ සංචාරයට යා යුතුම ස්ථාන 10

ශ්‍රී ලංකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාවේ ආකර්ෂණීයම ස්ථාන 10ක් පිළිබද හදුන්වාදීමක් කර තිබෙනවා.

ලෝන්ලි ප්ලැනට් (lonely planet) නම් සංචාරක මාර්ගෝපදේශක සඟරාව විසින් මෙම මාර්ගෝපදේශය නිකුත් කර තිබෙන අතර ඉන් ප්‍රමුඛතම නගරය ලෙස නම් කර ඇත්තේ කොළඹ නගරයයි.

ඊට අමතරව මහනුවර, ගාල්ල, තංගල්ල, නුවර එළිය සහ ඇල්ල ද ලංකාවේ වඩාත් ආකර්ෂණීය ස්ථාන අතරට නම් කර තිබෙනවා.

එම සඟරාව වැඩිදුරටත් පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකාව ගවේෂණය කිරීමේ හොඳම කාලය සැප්තැම්බර් සිට ඔක්තෝම්බර් සහ අප්‍රේල් මාස බවයි.

දින 15 ක පමණ සංචාරයකදී යුනෙස්කෝ ලෝක උරුමයක් වන සීගිරියේ සිංහ පරිවර්තනය මෙන්ම අනුරාධපුරයේ පුරාණ නටබුන් හරහා පාපැදියෙන් ගමන් කර, පොළොන්නරුවේ දැවැන්ත බුද්ධ ප්‍රතිමා කැටයම් අනිවාර්යයෙන්ම නරඹා රස විඳිය යුතු බවයි සඟරාවේ දැක්වෙන්නේ.

මේ අතර දෙමළ තේ කම්කරුවෙකු සමඟ දිවා ආහාරය ගැනීම, සීතල බියර් සහ මිරිස්ස මුහුදු වෙරළෙහි විවේක ගැනීම මෙන්ම හපුතලේ වතු සහ ගම්මාන දැකබලා ගැනීම ලංකාවේ හොඳම දේවල් අතර වන බවයි ලෝන්ලි ප්ලැනට් (lonely planet) සඟරාවේ පළකර ඇත්තේ.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »