Search

මෙල්බන් හි ජනප්‍රිය පාසැලක විදුහල්පතිවරයෙක්ට ළමා අපචාර චෝදනාවක්

මෙල්බන් හි ජනප්‍රිය ප්‍රාථමික පාසැලක විදුහල්පතිවරයෙකු ළමා අපචාර චෝදනා සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Langwarrin Park ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේදී ඔහුගේ දුරකතනයේ ළමා ලිංගික අපයෝජන දර්ශණ රැසක් තිබූ බබ සදහන්.

සැකකරා විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙල්බන් ගුවන් තොටුපලේ දී වන අතර ඔහු විදෙස් සංචාරයක් සදහා ඇමරිකාවට ගොස් නැවත ඔස්ට්‍රේලියාවට එන අවස්ථාවේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකාර විදුහල්පතිවරයාගේ ගමන් මලු තුළ විද්‍යුත් උපාංග ගණනාවක් තිබීම හේතුවෙන් ඇතිවූ සැකය මත පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර එම අවස්ථාවේ දී එහි තිබී ළමා අපයෝජන අසභ්‍ය දර්ශන රැසක් හමුවූ බවයි වාර්තා වන්නේ.

මෙම දර්ශන අනුව සැකකරුගේ පාසැලේ කිසිදු සිසුවකුගේ දර්ශන ඊට ඇතුළත් නොවන බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් එම පාසැලේ දෙමාපියන්ට මේ පිළිබද ලිපියක් මගින් දැනුම් දී ඇති අතර මෙල්බන් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.

නව පාසැල් වාරය ආරම්භයත් සමග මෙවැනි පුවතක් පල කිරීමට ලැබීම කණගාටුවට කරුනක් බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසනවා.