Search

අද සිට ඔස්ට්‍රේලියානුවන්ට පැරසිටමෝල් සීමාවෙයි

අද (පෙබරවාරි 1) සිට ඔස්ට්‍රේලියාවේ පැරසිටමෝල් අලෙවි කිරීම සම්බන්ධයෙන් නව නීති හදුන්වා දීමට ඖෂධ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පැරසිටමෝල් විශාල ඇසුරුම් එනම් පෙති 100ක් දක්වා විශාල ප්‍රමාණයක් සාමාන්‍ය සිල්ලර වෙළදසැල් වලින් ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින් අහිමි වනු ඇති.

එසේ විශාල ප්‍රමාණයක් ලබා ගත හැක්කේ බලයලත් ෆාමසි වලින් පමණක් බව සදහන්.

පැරසිටමෝල් පෙති 16 දක්වා අඩු ප්‍රමාණයක් සුපිරි වෙළඳසැල් සහ ඉන්ධන පිරවුම්හල් වැනි අනෙකුත් සිල්ලර වෙළෙන්දන්ගෙන් ලබා ගත හැකි වුව ද එම ප්‍රමාණය ඉක්මවා ලබා ගැනීමේ අවස්ථාව හිමිවන්නේ නැහැ.

ඔස්ට්‍රේලියානුවන්ගේ නිවෙස් හි සුලභව භාවිත කරන
ඖෂධයක් වන පැරසිටමෝල් අද සිට පහසුවෙන් ලබා ගැනීමට සීමාවන් පවතිනවා.

ඔස්ට්‍රේලියාවේ ඖෂධ නියාමක ආයතන විසින් ප්‍රකාශයට පත් කරන ලද වෙනස්කම් අනුව අධික ලෙස පැරසිටමෝල් භාවිතය අක්මාවට විෂ විය හැකි බවයි.

ඔස්ට්‍රේලියාවේ සෑම වසරකම පැරසිටමෝල් මිලියන ගණනක් අලෙවි වන අතර 2022 දී, පැරසිටමෝල් විෂ වීමෙන් රෝහල් ගතවන පුද්ගලයින්ගේ වැඩිවීමක් ද පෙන්නුම් කෙරෙනවා.

2007 සහ 2020 අතර පැරසිටමෝල් විෂ වීමෙන් සෑම වසරකම මරණ 40-50ක් පමණ සිදු වී ඇති බව සදහන්.

ඒ අනුව අද සිට ෆාමසි හැර වෙනත් ස්ථානවල අලෙවි කළ හැකි උපරිම පැරසිටමෝල් ගණන පෙති 20 සිට පෙති 16 දක්වා අඩු කර තිබෙනවා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »