Search

මෙල්බන් පුරා ඇදි Graffiti සිතුවමට තරුණයෙක් රිමාන්ඩ්

මෙල්බන් නගරය පුරා ගොඩනැගිලි කිහිපයක පැම් ද බර්ඩ් (Pam the bird) කාටුන් චරිතය ඇඳි පුද්ගලයෙකු සහ ඔහුගේ සහයකයෙකු රිමාඩ් භාරයට ගෙන තිබෙනවා.

එම කාටූන කුරුල්ලාගේ ජනප්‍රිය චිත්‍රයක් නගරයේ හෝටල්, සහ ෆ්ලින්ඩර්ස් වීදියේ, දුම්රිය ස්ථානයේ මෙන්ම ඔරලෝසු කණුවලද Graffiti සිතුවම් ලෙස එය ඇඳ ඇති බවයි මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ.

21 ක් හැවිරිදි මොහු ඊයේ මෙල්බන් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූවේ සාපරාධී හානි, වෙළඳසැල් සොරකම් සහ මෝටර් රථයක් සොරකම් කිරීම ඇතුළු චෝදනා 50 කට වැඩි සංඛ්‍යාවකට චෝදනා ලබමිනුයි.

උස ගොඩනැගිලිවල මෙම කාටූන් චිත්‍රය ඇඳීමට මීටර් කිහිපයක් උඩට මොහු නැග ඇති බවයි පොලීසිය පවසන්නේ.

2024 වසරේදී ද එලිසබෙත් ශාන්ත හි ෆ්ලින්ඩර්ස් වීදියේ දුම්රිය ස්ථානයේ ඔරලෝසු කණුවට හානි කිරීම සම්බන්ධයෙන් ද මෙම තරුණයා වගකිව යුතු බවට පොලිසිය චෝදනා කරනවා.

පොලිසිය ඇස්තමේන්තු කර ඇත්තේ මෙවර මෙහි හානියේ මුළු පිරිවැය ඩොලර් 100,000 කට අධික බවයි.

අද ඔහු සහ ඔහුගේ සහයක අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඔහු අධිකරණයේ දී පවසා ඇත්තේ, මේ මාගේ නගරය බවයි.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »