
ඔස්ට්‍රේලියානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් ට එළඹෙන Champions Trophy ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වී තිබෙනවා.
ඒ ආබාධ තත්වයක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.
ඔහුගේ ඉවත් වීම හේතුවෙන් ශූරයන්ගේ කුසලානය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු සංචිතය සදහා වෙනත් ක්‍රීඩකයෙකු ඉදිරියේදී ආදේශ කරනු ඇති.

කොන්දේ හට ගත් වේදනාවක් හේතුවෙන් ඔහු තරගාවලියෙන් ඉවත්ව අැති අතර තරගාවලියට මිචෙල් මාෂ් ගේ අහිමි වීම ඔස්ට්‍රේලියානු කණ්ඩායමට විශාල පාඩුවක් ලෙස ද සදහන්.