Search

ගුද මාර්ගය ආදායම් මාර්ගය කර ගත් තරුණයින්ට වැඩ වරදි

කොළඹ සිට වැල්ලවාය දක්වා දක්ෂිණ අධිවේගි මාර්ගයේ බස්‍ රථයක් තුළ ගුද මාර්ගයේ අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ තරුණයින් 4දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිලෝමීටර 286ක දුර ප්‍රමාණයක් එනම් පැය 4.30 කාලයක් මෙම සැකකාර තරුණයින් ගුදමාර්ගයේ අයිස් මත්ද්‍රව්‍ය රදවාගෙන රැගෙනවිත් තිබුණා.

කොළඹ දක්ෂින අධිවේගි මාර්ගයේ තනමල්විල පොලිස් බාධකයේදි රථවාහන පරික්ෂාව සිදුකළ අවස්ථාවේදී මෙම සැකකාර තරුණයින් 4 දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

මොවුන් කොළඹ සිට මොනරාගල /අක්කරෙයිපත්තුව යන ප්‍රදේශ වලට ද මෙලෙස ගුද මාර්ගයෙන් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බවයි අනාවරණය වන්නේ.

සැකකරුවන් අවුරුදු 20ත් 30ත් අතර වයසේ පසුවන මොනරාගල ප්‍රදේශයේ පදිංචි කරුවන් බව සදහන්.

මොවුන් මොනරාගල මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

HELP / HECS ණය ඇති සිසුන්ටත් පහසුවෙන් නිවසක් ගන්න අවස්ථාවක්

ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »