
ලෝක විවාහක රූ රැජින තරගයේ දෙවන තැන ශ්‍රී ලංකාවට හිමිවුණා.
40 වන ලෝක විවාහක රූ රැජින තරගයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ Mrs. Ishadi Amanda එහි 2 වන ස්ථානය දිනාගැනීමට සමත්වුනා.
අවසන් තරගය අද උදෑසන 6.30( ශ්‍රි ලංකා වේලාවෙන්) ට ඇමරිකාවේ ලාස් වේගාස් නුවරදී රටවල් 40කට අධික නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා.

40 වන ලෝක විවාහක රූ රැජින කිරුල දිනාගැනීමට දකුණු අප්‍රිකාවේ Mrs.Tshego Gaelae සමත්වුණා.
දකුණු අප්‍රිකාව ලෝක විවාහක රූ රැජින කිරුල දිනාගන්නේ 2 වන වතාවටයි. ( 2014 ඇරුණු විට )

ලෝක විවාහක රූ රැජින සංවත්සරය සැමරීමට ලොව ප්‍රථම ලෝක විවාහක රූ රැජින කිරුල ජයග්‍රහණය කළ රෝසි සේනානායක මහත්මිය ඇතුලු හිටපු විවාහක රූ රැජිනියන් රැසක් සහභාගි වුනා.