Search

මෙල්බන් කැළඹූ ‘The Punisher’ ඝාතනයෙන් පසු Ex- පෙම්වතිය කතා කරයි

සෑම් අබ්දුල්රහීම් නැතිනම්  ‘ද පනිෂර්’  ලෙස නම්දැරූ මෙල්බන් පාතාල කල්ලි සාමාජිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු පෙම්වතිය විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

 

“ද පනිෂර්”  ගේ හිටපු පෙම්වතිය වන ජෙසිකා පවර් මෙල්බර්න් පාතාල නායකයාගේ ඝාතනයෙන් පසු ඇයව ඉලක්ක කර ගනිමින් අන්තර්ජාලය හරහා මඩ ප්‍රචාර ගෙන යන බවයි ඇය සදහන් කළේ.

 

පවර් සහ අබ්දුල්රහීම් 2019 දී කෙටි කාලීන ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූ නමුත් පසුව මිතුරන් ලෙස සිටි බව ඇය ඒහිදි ප්‍රකාශ කළා.

 

32 හැවිරිදි හිටපු මොන්ගෝලියානු ජාතික අබ්දුල්රහීම් පසුගිය අඟහරුවාදා ප්‍රෙස්ටන් හි පිහිටි තම මහල් නිවස පිහිටි රථගාලකදී වෙඩි තබා ඝාතනය කෙරුණා.

 

හිසට එල්ල වූ වෙඩි ප්‍රහාරයත් සමග ඔහු එම අවස්ථාවේදීම මියගිය අතර

වෙඩි වැදීම සිදුවන අවස්ථාවේදී  ඔහුගේ වර්තමාන පෙම්වතිය ඔහු සමග සිට ඇති බව සදහන්.

 

ඔහුගේ හිටපු පෙම්වතිය සදහන් කළේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට තමන්‍ට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ඇයට මඩ ප්‍රචාර සිදුකරන බවයි.

 

තිබූ ප්‍රේම සම්බන්ධය අවසන් කර වසර ගණනක් ගතවුව ද එය නැවත ආවර්ජනය කිරීම පලක් නොමැති බවද ඇය සදහන් කළා.

 

එවක ලබාගත් ජායාරූප භාවිතයෙන් ව්‍යාජ ගිණුම් සාදා ඇයගේ නාමය විකෘතිකිරීමට බොහෝ දෙනා උත්සහ කරන බවයි ඇය සදහන් කළේ.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »