
Voice of Finland වැඩසටහන හරහා ෆින්ලන්තය පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද උපේන්ද්‍රා සිරිවර්ධන නැමති ශ්‍රී ලාංකික තරුණියක් සමත් වුණා.
ඒ, එම වැඩසටහනේ Blind Audition අදියරේදී විනිසුරුවරුන් සිව් දෙනාගේ ම කැමැත්ත ලබා ගනිමින් ඔවුන්ගේ අගැයීමට ද ඇය ලක්වුණා.
ඇය එහිදී ගායනා කළේ සිංහල සම්ප්‍රධායේ එන
වැදි ගී ඇසුරින් නිර්මාණය කරන ලද ‘මාමිනි මා දෙයියා’ නමැති ගීතය යි.

Voice of Finland නිල ෆේස්බුක් පිටුවෙහි පළ කර ඇති ඇය එහිදී කළ ගායනය ඇතුළත් වීඩියෝව මේ වන විය මිලියන 1.1 වාරයක් නරඹා තිබෙනවා.
වසර 14ක් පුරා පැවැත්වෙන Voice of Finland වැඩසටහනේ වාර්තාවක් පිහිටුවීමට උපේන්ද්‍රාට පළමු වටයේදී ම හැකි වීම කාගේත් අවදානයට හේතු වුණා.

ඇය පවසන පරිදි මෙතෙක් Voice of Finland වැඩසටහන් ඉතිහාසයේ ගායනය ආරම්භ වී අඩු ම කාලයක් තුළ විනිසුරුවරයෙකු හැරී කැමැත්ත පළ කර ඇත්තේ, ඇයට යි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය සදහන් කලේ
මේක ඇය ලද ජයක් පමණක් නෙවේ ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රය ම ලබපු ජයග්‍රහණයක් ලෙසයි.
ශ්‍රී ලංකාවේ ජන සංගීතය ශෛලිය ජාත්‍යාන්තරයට ගෙන ඒමට එමගින් ඇයට අවස්ථාව හිමිබුණා.