
පෙබරවාරි මාසයේ දී සංචිත බැංකුව පොලී අනුපාත අඩු කරනු ඇති බව ඔස්ට්‍රේලියා ප්‍රධාන බැංකු හතර පුරෝකතනය කර තිබෙනවා.
භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසන්නේ උද්ධමනයට එරෙහි සටනේදී ඔස්ට්‍රේලියාව සැලකිය යුතු සහ තිරසාර ප්‍රගතියක් ලබා ඇති බවයි.
ඒ අනුව සංචිත බැංකුව විසින් පොලී අනුපාත අඩු කිරීමක් සිදුකළහොත් උකස් සහ නිවාස ණය ලබාගෙන ඇති මිලියන ගණනක් වන ඔස්ට්‍රේලියානුවන්ට වාසි සහගත වනු ඇති.

ඒ අනුව ඔවුන් ගෙවිය යුතු මාසික වාරිකය ගණනය විශාල ලෙස පහල යනු ඇතැයි සදහන්.
NAB බැංකු වේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ඇලන් ඔස්ටර් පැවසුවේ පෙබරවාරි මාසය පොලී අනුපාත ක්‍රමයෙන් ලිහිල් කිරීම සඳහා බොහෝ දුරට ඉඩ ඇති බවයි.

මේ තත්වය තුළ විරැකියාවද සැළකියයුතු ලෙස පහත වැටෙනු ඇතැයි සදහන්.
දැනට පවතින සියයට 4.35ක cash rate අගය 2025 වසරේදී සියයට 3.5 දක්වා පහත වැටෙනු ඇතැයි ප්‍රධාන බැංකු පුරෝකතනය කරනවා.