Search

විදෙස්ගත ලාංකිකයන්ට Online පාස්පෝට් ගන්න අවස්ථාවක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම හා කාලය දිර්ඝ කර ගැනීම ඔන්ලයින් ක්‍රමයට සිදුකර ගැනීම පිළිබඳ රජයේ විශේෂ අවධානය යොමුව තිබෙනවා.

මේ අතර ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා උදාකර දීම පිළිබඳවද සාකච්ජා පැවැත්වුණා.

සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ සහය ඇතිව මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ජාවක් අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මෙම වසර අවසානයට පෙර තෝරාගත් තානාපති කාර්යාල 20 ක් මෙම ඔන්ලයින් ව්‍යාපෘතියට සම්බන්ධ කරගන්නා බවයි මෙහිදී හෙළි කෙරුණේ.

මේ සඳහා සියලු ප්‍රධානයන් ජපන් රජය මගින් ලබාදෙනවා.

දැනට විදේශ ගත ශ්‍රී ලාංකිකයන් මුහුණ දී ඇති බරපතල ගැටලුවක් වන විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේදී ගතවන අධික කාලයට විසඳුමක් ලෙස මාර්ගගත ක්‍රමය ඔස්සේ අයඳුම්පත් ආගමන විගමන දෙපාර්තමේන්තුවට යොමු කිරීමත් ඇගිලි සලකුණු ලබාගැනිම තානාපති කාර්යාල තුළදීම සිදුකිරීමටත් නියමිතයි.

මේ අතර අමාත්‍ය විජිත හේරත් මහතා හා ජපාන ජාත්‍යන්තර මිනිස් බල සංවිධානය වන අයිඑම් ජැපෑන් ආයතනයේ සභාපති කනමොරි හිතොෂි මහතා අතර හමුවක්ද පැවැත්වුණා.

ජපානයේ පවතින රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් මෙම හමුවේදි සාකච්ජා කෙරුණා.

ජපානයේ රැකියා සඳහා බඳවා ගන්නා වැඩපිළිවෙල යටතේ සාත්තු සේවක හා ඉදිකිරිම් යන ක්ෂේත්‍ර වල වැඩි රැකියා අවස්ථා පවතිනවා.

රියදුරන් ඇතුළු තවත් ක්ෂේත්‍ර රැසක රැකියා අවස්ථා ඉදිරියේදී ජපානය තුළ උදාවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »