Search

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය online සන්නාමයක් හෙට මෙල්බන් වල විවෘත වෙයි

ඔස්ටේලියාවේ ප්‍රමුඛතම ඔන්ලයින් වෙළඳසැල් සන්නාමයක් වන Adore Beauty සිය පළමු වෙළෙඳසැල මෙල්බන් හි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

වසර ගණනක් පුරා ඔස්ට්‍රේලියානුවන් අතර රූපලාවන්‍ය ද්‍රව්‍ය අළෙවිය සදහා විශ්වාසයක් දිනාගත් ඇඩෝර් බියුටි හි පළමු ශාඛාව හෙට මෙල්බන් හි Cheltenham ප්‍රදේශයේ ආරම්භ වනු ඇති.

ඔස්ට්‍රේලියාවේ ඔන්ලයින් වෙළදසැල් අතර අංක එසේ සන්නාමයක් ලෙස ඇඩෝර් බියුටි නම් දරා සිටිනවා.

ඇඩෝර් බියුටි ප්‍රධාන විධායක සචා ලයිං පැවසුවේ ඉදිරි වසර දෙක තුළ රට පුරා ශාඛා 25ක් විවෘත කිරීමට සුදානම් බවයි.

පාරිභෝගිකයින් සඳහා සාධාරණ මිල ගණන් යටතේ අළෙවි වන ඔන්ලයින් අත්දැකීම දැන් පාරිභෝගිකයින් පැමිණ පරික්ෂාකර බලාම ලබා ගැනීමේ අවස්ථාව හිමිවනවා.

සමාගම තමන්ටම ආවේණික වූ රූපලාවන්‍ය නිශ්පාදන පාරිභෝගිකයින් වෙත දැරිය හැකි මිලකට ලබාදීම අරමුණ වන අතර මෙම අලෙවිසැල විවෘත වන දිනයේ වාර්තාගත පාරිභෝගිකයින් සංඛ්‍යාවක් ඇඩෝර් බියුටි පළමු ශාඛාව වෙත එනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »