
වික්ටෝරියානුවන් වැඩි දෙනෙක් විවහ වන වයස් සිමාව පිළිබඳ වාර්තාවක් ප්‍රාන්ත වෙබ් අඩවිය විසින් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව පසුගිය ජනවාරි 21 වනදාට යාවත්කාලීන කළ නවතම වාර්තාවකට අනුව වික්ටෝරියානුවන් වැඩිවශයෙන් විවහවන වයස් සිමා වන්නේ වයස අවුරුදු 30ත් 39ත් අතර බව සඳහන්.
පසුගිය කාර්තුවේ එනම් 2024 වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් කාලසීමාව තුළ එම වයසේ පසුවන පුද්ගලයින් 3388ක් වික්ටෝරියා හි විවහ වි තිබුණා.

මීට අමතරව වික්ටෝරියා හි විවහා වන දෙවන වැඩිම වයස් සීමාව වන්නේ අවුරුදු 20ත් 29ත් අතර කාල පරාසයයි.
තවද අවුරුදු 18ත් 19ත් අතර වයසේ පසුවන්නන්ගේ විවහයන් ඉතාමත් අවම වශයෙන් සිදුවන අතර පසුගිය කාර්තුවේ එම වයසේ පසුවන්නන් අතර විවහයන් සිදුව ඇත්තේ 17ක් පමණි.

නවතම සංඛ්‍යා ලේඛන අනුව වික්ටෝරියාහි අවුරුදු 40ත් 49 වියෙහි පසුවන්නන් අතර ද විවහ විමේ වැඩි ප්‍රවනතාවක් පවතින අතර පසුගිය කාර්තුවේ පමණක් එම වයසේ පසුවන්නන් 757ක් විවහ වි තිබෙනවා.
තවත් විශේෂ කරුණක් වන්නේ වික්ටෝරියා හි අවුරුදු 60 සහ ඊට වැඩි වයසේ පසුවන්නන් අතර විවහා ද ඉහළ ගොස් තිබීම ද විශේෂත්වයක්.
අවුරුදු 60ට වැඩි වික්ටෝරියානුවන් 192ක් පසුගිය කාර්තුවේ විවහ වි තිබෙනවා.