
දකුණු ඔස්ට්‍රේලියාවට අලුතින් ආ දක්ෂ සංක්‍රමණිකයින්ට හදුන්වාදීමේ වැඩසටහනක් පැවැත්වීමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.
ඒ අනුව මේ වන විට දකුණු ඔස්ට්‍රේලියාවේ සිටින නවක සංක්‍රමණිකයින්ට ප්‍රාන්තය තුළ ජීවත්වීමට, රැකියා කිරීමට මෙන්ම විවිධ ගැටලු විසදීම සදහා අවශ්‍ය සෑම උපදෙසක්ම මෙහිදි සිදුවනු ඇති.
සංක්‍රමණිකයින්ට වටිනා තොරතුරු ඉගෙන ගැනීමට මෙන්ම ඔබේ ප්‍රාදේශීය ප්‍රජාව සමඟ සම්බන්ධතා ඇති කර ගැනීමට ද සහය වනු ඇති.

දකුණු ඔස්ට්‍රේලියාවේ ජීවිත් වීමට මෙන්ම පදිංචි වීමට ඔබට උපකාර කළ හැකි පුද්ගලයින් සහ සංවිධාන සමඟ ජාලගත කිරීම වැනි සේවා රැසක් මෙහිදි සිදුවනවා.
සංක්‍රමණිකයින්ගේ අවශ්‍යතාවලට ගැලපෙන විවිධ උපකාරක සේවාවන්හි නියෝජිතයන් සමඟ සම්බන්ධ වීමට ද මෙමගින් අවස්ථාව හිමිවන බවයි වාර්තා වන්නේ.

මෙම වැඩසටහන රාජ්‍ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිපුණතා සහ ව්‍යාපාර සංක්‍රමණය ආයතනය විසින් ඉදිරිපත් කරනු ලබනවා.
මෙම සියලු වැඩසටහන් නොමිලේ සිදුවන අතර පෙබරවාරි 13 වනදා උදේ 9.30 සිට 12.30 දක්වා ඇඩිලේඩ් හි U City, Level 1,43 Franklin St හි මෙම වැඩසටහන පැවැත්වෙන අතර ඒ සදහා ලියාපදිංචි වීමට ප්‍රාන්ත රාජ්‍ය වෙබ් අඩවියට පිවිසෙන ලෙස සදහන්.