
ඔස්ට්‍රේලියාව තුළ රැකියාවක් සදහා අයදුම් කිරීමට සුදුසුම සහ නුසුදුසුම මාස පිළිබඳව නවතම අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.
මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ Seek හි දත්ත පදනම් කරගෙන බවයි දැක්වෙන්නේ.
ඒ අනුව අගෝස්තු මාසය තුළ සෞඛ්‍ය, වෙළද සහ සේවා සහ රාජ්‍ය හා ආරක්ෂක යන අංශවල රැකියා අවස්ථා වැඩි වශයෙන් පවතින බවයි එම දත්ත ඔස්සේ අනාවරණය වී ඇත්තේ.

ගිණුම්කරණය, පරිපාලන, බැංකු සහ මූල්‍ය, ඉදිකිරීම්, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ, කැණීම්, බලශක්ති, පාරිභෝගික සේවා, වෙළද දැන්වීම්, කලා සහ මාධ්‍ය මෙන්ම නීති යන අංශයන් හි රැකියා අවස්ථා වැඩි වශයෙන් පවතින්නේ මැයි මාසයේ දී වීම ද කැපී පෙනෙනවා.
දේපළ වෙළදාම් සම්බන්ධ රැකියා අවස්ථා වැඩි වශයෙන් පවතින මාසය ලෙසට Seek හි දත්ත ඔස්සේ හදුනාගෙන ඇත්තේ පෙබරවාරි මාසයයි.

සාමාන්‍යයෙන් නොවැම්බර් මාසය තුළ අධ්‍යාපනික ක්ෂේත්‍රය තුළ වැඩි වශයෙන් රැකියා අවස්ථා පවතින අතර ඔක්තෝබර් මාසයේ දී සිල්ලර හා පාරිභෝගික නිෂ්පාදන සහ සංචාරක යන ක්ෂේත්‍රවල රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් පවතින බවයි පැවසෙන්නේ.
ඊට අමතරව දෙසැම්බර් සහ ජනවාරි යන මාස රැකියා සදහා අයදුම් කිරීම සදහා නුසුදුසුම මාස බව ද එහි වැඩිදුරටත් සදහන්.