
ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් Protection Visa සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව Visitor, Student, Temporary Work යන වීසා කාණ්ඩ යටතේ ඔස්ට්‍රේලියාවේ රැදී සිටින පුද්ගලයන්ට Protection වීසා සදහා අයදුම් නොකරන ලෙසයි ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් අවධාරණය කර ඇත්තේ.
ඇතැම් පුද්ගලයන් එවැනි වැරදි උපදෙස් මෙම වීසා කාණ්ඩ යටතේ ඔස්ට්‍රේලියාවේ සිටින පුද්ගලයන් වෙත ලබා දෙන බව ද සදහන්.

Protection Visa බලපත්‍ර ලබා දීම සිදු කරන්නේ ඔස්ට්‍රේලියාව තුළ සරණාගත භාවය අපේක්ෂා කරන පුද්ගලයන් සදහා පමණක් වන බවයි එහි දැක්වෙන්නේ.
රැකියා අපේක්ෂාවෙන් ඔස්ට්‍රේලියාව වෙත පැමිණීම සදහා එම වීසා බලපත්‍රය ඔස්සේ හැකියාවක් ලැබෙන්නේ නැහැ.

Protection Visa වංචා සිදු කරන්නන්ට වසර 10ක සිරදඩුවම් පැණවීමට ද පියවර ගෙන තිබෙනවා.
මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තු නිල වෙබ් අඩවියට පිවිසීම ඔස්සේ ලබාගත හැකියි.