Search

මෙල්බන් නිවසක් ඉදිරිපිට තිබූ $ 500,000ක Ferrari රථය සොරකම් කෙරේ

දින දෙකක් තුල දින මෙල්බන් හි Truganina ප්‍රදේශයේ මෝටර් රථ සොරකම් කිරීමට අදාළ පැමිණිළි 4ක් ලැබී තිබෙනවා.

මෙම පැමිණිලි සියල්ලම එකම තදාසන්න ප්‍රදේශයකින් වීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණා.

ඊයේ රාත්‍රියේ මෙල්බන් නිවසක ගාල්කර තිබූ $ 500,000 වටිනා ෆෙරාරි මෝටර් රථයක් මෙලෙස සොරකම් කර අැති බවයි වාර්තා වන්නේ.

ඊයේ අලුයම 2ට පමණ මෙම සොරකම සිදුව ඇති අතර මෝටර් රථය Everton Road හි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබූ බව සදහන්

මේ අතර  ගෙවුණු සති අන්තයේ දී මෙල්බන් හි බටහිර ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක ගාල් කර තිබූ නවතම මෝටර් රථ 20 ක අධික ප්‍රමාණයක් සොරකම් කර තිබෙනවා.

අදාළ සිද්ධිය සිදුවී ඇත්තේ Laverton හි Dohertys පාරේ පිහිටි ස්ථානයක දී බවයි වාර්තා වන්නේ.

මෙම මෝටර් රථවල වටිනාකම ඩොලර් මිලියන 1.5 කට ආසන්න වන බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.

එම මෝටර් රථ ලියාපදිංචිය පවා සිදු නොකළ නවතම තත්වයේ ඒවා වීම ද කැපී පෙනෙනවා.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »