Search

තක්කාලි නිසා වික්ටෝරියා හි සංක්‍රමණිකයින්ට ගැටළුවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තක්කාලි වගාවන් හි සේවයේ නියුතු කම්කරුවන්ගේ රැකියා අහිමි වීමේ අවදානමක් උද්ගත ව පවතිනවා.

ඒ ඉකුත් දා Tomato Brown Rugose වෛරසය ප්‍රාන්තය තුළින් හදුනා ගැනීම හේතුවෙන් බවයි සැලකෙන්නේ.

එහි ප්‍රතිඵලයක් ලෙස Katunga Fresh තක්කාලි ගොවිපළ තුළ නිරෝධාන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

මෙම ගොවිපළ තුළ ප්‍රදේශවාසීන් 40% ක් පමණ සේවය කරන අතර ඉතිරි කාර්ය මණ්ඩලය සංක්‍රමණික ප්‍රජාව බවයි පැවසෙන්නේ.

අදාළ නිරෝධායන ක්‍රියාවලිය හේතුවෙන් ගොවිපළේ සේවයේ නියුතු කම්කරුවන් 100 කට පමණ තම රැකියා අහිමි වී යෑමේ අවදානමක් පවතින බවයි මොයිරා ෂයර් කවුන්සිලයේ පරිපාලක ග්‍රේම් එඩ්මන්සන් විසින් පෙන්වා දී ඇත්තේ.

මේ අතර පසුගිය සතිය තුළදී ද කාර්ය මණ්ඩලයේ සේවකයන් 20 දෙනෙකු සේවයෙන් ඉවත් කර තිබෙන බව ද එහි වැඩිදුරටත් සදහන්.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »