Search

කටුනායක ගුවන් තොටුපළ වෙත නව Check in Counters 20 ක්

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ නව Check in Counters 20 ක් සකස් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ මෙම වර්ෂය තුළ සංචාරක පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කිරීම හේතුවෙන් බවයි දැක්වෙන්නේ.

සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක ගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.

යෝජිත නව Check in Counters ස්ථාපිත කිරීම සදහා සුදුසු ස්ථාන සොයා බැලීම සදහා ගුවන් තොටුපළේ විශේෂ පරීක්ෂාවක් ද සිදු කර තිබෙන බවයි සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු විසින් අවධාරණය කර ඇත්තේ.

මේ අතර සංචාරක පැමිණීම සීග්‍රයෙන් වර්ධනය වන නිසා ගුවන් තොටුපළ තුළදී ඔවුන්ට අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

2028 වර්ෂය වනවිට මිලියන 12 ක පමණ ගුවන් මගීන් පිරිසක් ආකර්ෂණය කර ගැනීම රජයේ අරමුණ වී තිබෙන බවයි දැක්වෙන්නේ.

HELP / HECS ණය ඇති සිසුන්ටත් පහසුවෙන් නිවසක් ගන්න අවස්ථාවක්

ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »