Search

සිඩ්නි දුම්රියක බාල වයස්කාර සිසුවියන්ට ලිංගික පීඩා කළ සැකකරු පොලීසිය සොයයි

සිඩ්නි  දුම්රියකදී ගැහැණු ළමුන් දෙදෙනෙකු ඉදිරියේ අශෝභන ලිංගික ක්‍රියාවක් සිදු කළ බව කියන පුද්ගලයෙකු සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එම සැකකාර පුද්ගලයාගේ ඡායාරූපයක් මාධ්‍ය වෙත යොමු කර ඇති අතර එම පුද්ගලයා සෙවීම සදහා

මහජන උපකාර ඉල්ලා සිටිනවා.

අදාළ සිදුවීම ජනවාරි 12 වනදා සිදුව ඇති අතර CCTV දර්ශන ඔස්සේ සැකකරුගේ ඡායාරූප ලබාගැනීමටයි පොලීසිය කටයුතු කර ඇත්තේ.

15 හැවිරිදි  ළමුන් දෙදෙනෙක් මෙම සිදුවීමට මුහුණ දී ඇති අතර සැකකරු ඔහුගේ උදරය නිරාවරණය වන පරිදි ජැකට්ටුවක් ඇද සිටි බව සදහන්.

සැකකරු වයස අවුරුදු 30ක් පමණ පුද්ගලයෙක් වන අතර සැකකරු පිළිබද තොරතුරු දන්නේ නම් 1800 333 000 යන දුරකතන අංකය හා අමතන ලෙස පොලීසිය වැඩිදුරටත් පවසනවා.

මෙවැනි සිදුවීම් පොදු ප්‍රවාහනය තුළ සිදුවිය නොහැකි අතර එම පුද්ගලයින් නීතිය හමුවට ගෙන ආ යුතු බව පොලීසිය අවධානය කරනවා.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »