
මෙම වසරේදී පැවැත් වීමට නියමිත සැණකෙලි අවස්ථා කිහිපයක් ආවරණය වන පරිදි Pill Testing සිදු කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව 2025 වසරේ පෙබරවාරි සහ අප්‍රේල් අතර කාලසීමාවන් හීදී පැවැත්වීමට නියමිත Hardmission Festival, Pitch Music, Arts Festival, Ultra Music Festival සහ The Warehouse Project යන සැණකෙලි අවස්ථා සදහා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමටයි ප්‍රාන්ත රජය විසින් තීරණය කර ඇත්තේ.
ඉකුත් දා පැවැති Beyond the Valley සැණකෙළිය සදහා ද Pill Testing ක්‍රමවේදය අත්හදා බැලූ අතර එම වැඩසටහන ඉතාමත් සාර්ථකව සිදු වූ බවටයි බලධාරීන් විසින් පෙන්වා දී ඇත්තේ.

මානසික සෞඛ්‍ය අමාත්‍ය (Mental Health Minister) Ingrid Stitt විසින් අවධාරණය කර ඇත්තේ Beyond the Valley සැණකෙළිය සදහා සහභාගී වූ පුද්ගලයන්ගෙන් 40% ක් පමණ මත් පෙති වර්ග කුඩා පරිමාණයකින් භාවිතා කරන බවට එහිදී ප්‍රකාශ කර තිබුණු බවයි.
කෙසේ වෙතත් උත්සවය සදහා සහභාගී වූ පුද්ගලයන් හය දෙනෙකුගෙන් එක් අයෙකු අන්තරාදායක ඖෂධ භාවිතා කිරීම සම්පූර්ණයෙන් නවතා දමා තිබෙන බව ද සදහන්.

මේ අතර Beyond The Valley සැණකෙලි අවස්ථාව සදහා සහභාගී වූ පුද්ගලයන් 700 ක් පමණ Pill Testing සේවාවන් භාවිතා කර තිබෙන බවයි එහි වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.