Search

රසායනික මට්ටමක් නිසා ලොව අංක එකේ සන්නාමයක් යළි කැඳවයි

රසායනික මට්ටම් හේතුවෙන් එක්සත් රාජධානියේ Coca-Cola බීම නිශ්පාදන පෙළක් නැවත කැඳවීමක් කර තිබෙනවා.

කොකා-කෝලා නිෂ්පාදන පෙළක් එක්සත් රාජධානියේ ආපසු කැඳවා ඇති අතර එහි ක්ලෝරේට් නම් රසායනික ද්‍රව්‍යයේ “උසස් මට්ටම්” හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සමග එක්සත් රාජධානිය විසින් මෙම පියවර ගෙන තිබුණා.

බ්‍රිතාන්‍යයේ කැෆේ සහ ආපනශාලා වෙත යවන ලද Coca-Cola Original Taste, Coca-Cola Zero Sugar, Diet Coke සහ Sprite Zero කෑන් ද මෙලෙස ආපසු කැදවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම බලපෑම් කෑන් වල ඇති කොකා කෝලා නිශ්පාදන සදහා පමණක් වන අතර සියලුම වීදුරු සහ ප්ලාස්ටික් බෝතල්වලට බලපෑමක් ඇති නොවන බව බෝතල් ඇසුරුම් කරන සමාගම පවසනවා.

AFP ප්‍රවෘත්ති ඒජන්සිය විසින් උපුටා දක්වන ලද නම් නොකළ සමාගම් ප්‍රකාශකයෙකුට අනුව, බෙල්ජියමේ Ghent හි සමාගමේ නිෂ්පාදන මධ්‍යස්ථානයේ සාමාන්‍ය පරීක්ෂණ අතරතුරයි  ඉහළ ක්ලෝරේට් මට්ටම් සොයා ගෙන ඇත්තේ.

ජලය පිරිපහදු කිරීමේදී සහ ආහාර සැකසීමේදී ක්ලෝරීන් මත පදනම් වූ විෂබීජ නාශක භාවිතා කරන විට ක්ලෝරේට් නිපදවිය හැකි බව වාර්තා වනවා.

ඊයේ එක්සත් රාජධානියේ ආහාර ප්‍රමිති ඒජන්සිය සමඟ පවතින සංවාදයෙන් පසුව කොකා කෝලා නිශ්පාදන නැවත කැඳවීමක් තහවුරු කළා.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »