
ඔස්ට්‍රේලියාවට එරෙහිව තුන් ඉරියව් දස්කම් දැක්වූ ලිමන්සා තිලකරත්න තරගයේ හොඳම ක්‍රීඩිකාව ලෙස කිරුළ පැලැන්දුවා.
වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 6 අතර තරග වටය යටතේ ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම සහභාගිවූ අවසන් තරගයේදී ඔස්ට්‍රේලියානු බාළිකා පිල පරදවා ලකුණු 12ක පෙරැළිකාර ජයක් වාර්තා කිරීමට ඊයේ (29 දා) සමත් වුනා.
කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් ඔස්ට්‍රේලියානු බාළිකා පිලක් පරාජයට පත් කරන ලද පළමු අවස්ථාව ලෙසින් මෙම තරගය ඉතිහාස ගත වනවා.

ලකුණු 100 ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ දඟ පන්දු යැවීම හමුවේ නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 87 ක් පමණයි.
මෙහිදී පන්දු යැවීමෙන් කැපී පෙනුණු චමුදි ප්‍රබෝධා, ප්‍රමුදි මෙත්සරා සහ අසේනි තලගුනේ කඩුලු 2 බැගින් බිඳ හෙළද්දී ලිමන්සා තිලකරත්න එක් කඩුල්ලක් බිඳ හෙළුවා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභිනාය වූ කාඕමී බ්‍රේ ගේ (27) දවා ගැනීමට සමත් ලිමන්සා තිලකරත්න එම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් සම්මාන දිනාගත්තාය.
එම දවා ගැනීමට අමතරව ඇය ක්‍රීඩිකාවක් දුවද්දී දවා ගැනීමට සහ එක් උඩ පන්දුවක් රැක ගැනීමට ද සමත්වූණා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වෙතින් අද පරාජයට පත් වුණු ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලබන 31 වැනිදා අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකානු පිල සමගද ඉන්දියානු බාළිකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායම සමඟද තරග වදිනු ඇත.