
ඔස්ටේ්‍රලියාවේ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙල අධීක්ෂණයට ආරක්ෂක අංශ අනුයුක්ත කර තිබෙනවා.
නාවික හමුදා කොමදෝරු Eric Young එහි ප්‍රධානියා ලෙස පත් කර ඇත්තේ වැඩසටහනේ සැපයුම් සහ බෙදාහැරීම් පිළිබඳ සම්බන්ධීකරණය සඳහායි.
මේ අතර රට තුළ කොවිඩ් එන්නත්කරණය පිළිබඳ කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් අනිද්දා එනම් සඳුදා දිනයේදී කැඳවා තිබෙනවා.

අප්‍රේල් ආරම්භය වනවිට ලක්ෂ 40 ක් එන්නත් කිරීමේ ඉලක්කය ලක්ෂ 14 ක් වැනි අඩු අගයක පැවතීම කෙරෙහි එහිදී අවධානය යොමු කෙරෙනු ඇති.
මින් ඉදිරියට සතියට දෙවරක් රැස්වී කොවිඩ් එන්නත්කරණය සමාලෝචනය කිරීමටයි අගමැති ස්කොට් මොරිසන් ගේ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ.
