
වික්ටෝරියා හි පාලනයෙන් තොර තරුණ අපරාධ රැල්ලක් ඇතැයි ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් චෝදනා කරනවා.
මේ අතර The Punisher නම් පාතාල නායකයා පසුගියදා මෙල්බන් නගරයේ මෝටර් රථ නැවතුමකදී වෙඩි තබා ඝාතනය කෙරුණා.
එම සිදුවීම ප්‍රජාවේ ජීවිත තර්ජන අවදානමක් නොමැති බවට සහතික වීමට අගමැති ඇල්බනීස් උත්සහ කළද ප්‍රාන්ත අගමැතිවරිය පැවසුවේ තරුණ අපරාධ ප්‍රාන්තට පුරා ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම ඊයේ කුඩා දරුවෙකු මෝටර් රථයක් සොරකම් කිරීම, අත්අඩංගුවට ගැනීම හා නැවත නිදහස් කිරීම වැනි සිද්ධීන් මගින් රටේ නීතිය පාලනයකින් තොර වී ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.
අධිකරණයට සහ පොලීසියට නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ශක්තිමත් කිරීමේ අරමුණින් පසුගිය වසරේ නීති කිහිපයක් සම්මත කළ බවයි වික්ටෝරියා ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ.

එහෙත් දැන් සිදුවන්නේ තරුණ අපරාධ කරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම නොව ඔවුන්ට ඇප ලබා දීමට බව ඇය චෝදනා කරනවා.
ඉදිරියේදි එම ඇප කොන්දේසි සංශෝධනය කළ යුතු බවද ඇය අවධාරණය කළා.
දෙසැම්බර් 31 වනදා සිට මේ දක්වා මෙල්බන් හී තරුණ අපරාධකරුවන් 41 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.
මෙම පිරිස අතර 18ට අඩු ළමුන් වැඩි පිරිසක් සිටින බව අනාවරණය වනවා.