Search

මෙල්බන් හි ඔබටත් නිවසක් නැද්ද? එහෙනම් මෙන්න විසදුම

නිවාස නොමැති අයට ස්ථාවර නිවාස ලබාදීමේ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට මෙල්බන් බලධාරීන් සූදානම් වනවා.

නිවාස අහිමිව සිටින පිරිස්, තමන්ට දැරිය හැකි නිවාස වෙත යොමුකිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවයි මෙල්බර්න් නගරාධිපති පෝල් ඇල්ෆ්රි පැවසුවේ.

මෙහිදී ලාභ නොලබන ඩේලිබ්රෙඩ් සංවිධානය හා මෙල්බන් නගර සභාව විසින් මිනිසුන්ට දැරිය හැකි නිවාස පහසුකම් සලසාදීම, මානසික සෞඛ්‍ය සේවාවන් සහ මත්ද්‍රව්‍ය හා මත්පැන් වලට ඇබ්බැහිවීම සම්බන්ධ උපදේශන ද ලබාදීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පෙබරවාරි 18 වනදා මෙල්බර්න් සහ අනෙකුත් මහ නගර සභා එක්ව රැස්වීමක් සැලැසුම් කර තිබෙනවා.

එහිදී සියල්ලන්ම එකම අරමුණකට ගෙනඒම ප්‍රධාන ඉලක්කය බවයි මෙල්බන් නගරාධිපතිවරයා කියාසිටියේ.

ව්‍යාපෘතිය සඳහා මෙල්බර්න් නගරය ඩොලර් මිලියන 15 ක් ද ඩේලිබ්රෙඩ් සංවිධානය ඩොලර් මිලියන 3 ක් ලබා දෙනු ඇති.