
ඇදුම රෝගය (Asthma) සදහා AI තාක්ෂණය භාවිතා කරමින් නව ප්‍රතිකාර ක්‍රමයක් නිර්මාණය කිරීම සදහා මෙල්බන් සමාගමක් විසින් කටයුතු කරමින් සිටිනවා.
මේ පිළිබඳව පර්යේෂණ කටයුතු සිදු කරන්නේ මෙල්බන් හි ජෛව තාක්ෂණ සමාගමක් වන Diag Nose සමාග විසිනුයි.
ඔස්ට්‍රේලියානුවන්ගෙන් මිලියන 2.8 ක් පමණ ඇදුම වැනි ශ්වසන රෝග වලින් පීඩා විදින බවයි මේ වනවිට හදුනාගෙන ඇත්තේ.

ඒ අනුව ඉදිරියේ දී AI තාක්ෂණය භාවිතා කරමින් රෝගියාගේ ජීව විද්‍යාත්මක සැකසුමට අනුකූලව ප්‍රතිකාර ක්‍රමයක් නිර්මාණය කෙරෙනු ඇති.
අදාළ රෝගියාගේ දත්ත පදනම් කරගෙන පරිගණක වැඩසටහනක් (Algorithm) සකස් කිරීමටද සැලසුම් සකස් කර තිබෙනවා.

ඇදුම රෝගය සදහා පමණක් නොව වෙනත් ශ්වසන රෝග සදහා ද සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් මේ හරහා ඉදිරියේ දී හදුනා ගනු ඇති බව ද වැඩිදුරටත් සදහන්.