
ලොව ආචාරශීලීම රියදුරන් සිටින රටවල් පිළිබඳව නවතම අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.
DiscoverCars.com විසින් සිදු කර ඇති මෙම අධ්‍යයනය සදහා රියදුරන් දහසකට වැඩි පිරිසක් සම්බන්ධ කරගෙන තිබෙන බවයි දැක්වෙන්නේ.
ඒ අනුව ලොව ආචාරශීලීම රියදුරන් අතර ඔස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ සිව් වන ස්ථානයයි.

ශ්‍රේණිගත කිරීමේදී ඔස්ට්‍රේලියාවට ලකුණු 8.60 ක් ලැබී තිබීම ද කැපී පෙනෙනවා.
මෙම අධ්‍යයනයට අනුව ලොව ආචාරශීලීම රියදුරන් සිටින රට බවට තේරී පත්ව ඇත්තේ සයිප්‍රස් වන අතර සයිප්‍රස් වෙත ශ්‍රේණිගත කිරීමේ දී ලකුණු 8.83 ක් හිමි වී තිබෙන බවයි සදහන් වන්නේ.

ලකුණු 8.77 ක් ලබා ගත් නවසීලන්තයට මෙහි දෙවන ස්ථානය හිමි වෙද්දී ලකුණු 8.73 ක් හිමි කර ගත් තුර්කිය වෙත ලැබී තිබුණේ එහි තුන් වන ස්ථානයයි.
ශ්‍රේණිගත කිරීමේදී ලකුණු 8.54 ක් ලබා ගත් පෘතුගාලයට මෙම රටවල් ලැයිතුවේ පස් වන ස්ථානය හිමි වී තිබෙන බව ද වැඩිදුරටත් සදහන්.