Search

ඔස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

වයස අවුරුදු 19 න් පහළ කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගය අද (29) පැවැත් වුණා.

සුපිරි හය දෙනාගේ තරඟ වටයේ 12 වන තරගය ලෙස Bangi හීදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩුලු 08 ක් දැවී ලකුණු 99 ක් රැස් කළා.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Lily Bassingthwaighte ලකුණු 7 කට කඩුලු 03 ක් බිද හෙලීමට සමත් වුණා.

ලකුණු 100 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියා කණ්ඩායට කඩුලු 08 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 87 ක් පමණයි

ශ්‍රී ලංකාව වෙනුවෙන් චමෝදි ප්‍රබෝදා, ප්‍රමුදි මෙත්සරා සහ අසේනි තලගුණේ අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියා.

ඒ අනුව තරගයෙන් ලකුණු 12 ක ජයක් හිමි කර ගැනීමට සමත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »