Search

මෙල්බන් හි වාහන සොරුන් සොයා පොලිස් පරීක්ෂණ

ගෙවුණු සති අන්තයේ දී මෙල්බන් හි බටහිර ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක ගාල් කර තිබූ නවතම මෝටර් රථ 20 ක අධික ප්‍රමාණයක් සොරකම් කර තිබෙනවා.

අදාළ සිද්ධිය සිදුවී ඇත්තේ Laverton හි Dohertys පාරේ පිහිටි ස්ථානයක දී බවයි වාර්තා වන්නේ.

මෙම මෝටර් රථවල වටිනාකම ඩොලර් මිලියන 1.5 කට ආසන්න වන බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.

එම මෝටර් රථ ලියාපදිංචිය පවා සිදු නොකළ නවතම තත්වයේ ඒවා වීම ද කැපී පෙනෙනවා.

ජනවාරි 25 සෙනසුරාදා පස්වරු 02 ත් ජනවාරි 28 වන අගහරුවාදා උදෑසන 06 ත් අතර කාල සීමාව තුළ මෙම මෝටර් රථ සොරකම් කර තිබෙන බව ද වාර්තා වනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මේ පිළිබඳව යම් තොරතුරක් වෙතොත් 1800 333 000 යන දුරකතන අංකය ඔස්සේ Crime Stoppers වෙත දැනුම් දෙන ලෙසටයි ප්‍රදේශවාසීන් වෙත වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත්තේ.