
ඔස්ට්‍රේලියා සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත් අද (29) සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු දස දහසේ සීමාව පසු කර යෑමට සමත් වුණා.
ඒ මේ වනවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගයේදීයි.
ඔහුගේ ජාත්‍යන්තර ටෙස්ට් දිවියට ශතක 34 ක් සහ අර්ධ ශතක 41 ක් ඇතුලත්.

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ලාභීන් අතර ස්මිත්ට හිමිව ඇත්තේ 15 වන ස්ථානයයි.
කෙසේ වෙතත් දැනට ජාත්‍යන්තර ටෙස්ට් පිටිය තුළ ක්‍රීඩා කරන පිතිකරුවන් අතරින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කර තිබෙන පිතිකරුවන් අතර ඔහු පළමු ස්ථානයේ පසු වනවා.
