සිඩ්නි නිරෝධායන හෝටලයක් තුල කොවිඩ් පැතිර යාමක් ගැන විමර්ශනයක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිරෝධායන කටයුතු සඳහා වෙන් කර ඇති හෝටලයක් තුල කොවිඩ් වෛරසය පැතිර යාමක් සම්බන්ධයෙන් බළධාරීන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සිඩ්නි නගරයේ පිහිටා ඇති Adina Apartments හෝටලයනුයි මෙම තත්වය වාර්තා වී ඇත්තේ.

විවිධ රටවලින් පැමිණි පුද්ගලයන් එහි නිරෝධායනයට ලක් කර ඇති අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකුට මෙන්ම එම මහලේ සේවය කල සේවකයෙකුටද කොවිඩ් වෛරසය වැළඳී තිබෙනවා.

ඔවුන් සියලු දෙනාට ආසාධනය වී ඇත්තේ එකම වෛරස් ප්‍රභේදය බවද තහවුරු කරගෙන ඇති බවයි වාර්තා සඳහන් කලේ.