Search

වික්ටෝරියා පාරිභෝගිකයින්ගේ රහස් හෙළි කළ බලශක්ති සමාගමකට අමතක නොවන පාඩමක්

වික්ටෝරියා ප්‍රාන්ත බලශක්ති නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් Origin Energy සමාගමට දඩ මුදලක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ සමාගමට ඩොලර් 1,597,668 ක දඩ මුදලක් පැනවීමටයි මෙහිදී තීරණය කර ඇත්තේ.

ප්‍රාන්ත බලශක්ති නීතිවල සදහන් ව පවතින පවුල් හිංසන විධිවිධාන උල්ලංඝනය කිරීමේ වරද හේතුවෙන් Origin Energy සමාගමට එරෙහිව අත්‍යවශ්‍ය සේවා කොමිසම (Essential Service Commission) විසින් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

පාරිභෝගිකයෙන් 54 දෙනෙකු සමඟ ගනුදෙනු කිරීමේ දී සමාගම විසින් ක්‍රියාකළ ආකාරය පිළිබඳව මෙහිදී චෝදනා එල්ල වී තිබෙනවා.

එම පිරිස අතරින් පාරිභෝගියින් 16 දෙනෙකු පවුල් ප්‍රචණ්ඩත්වය ගොදුරු වූවන් බවයි මෙහිදී අනාවරණය වී ඇත්තේ.

ඔවුන්ගේ රහස්‍ය තොරතුරු අදාළ සමගාම විසින් හෙළි කර තිබෙන අතර එය වික්ටෝරියා ප්‍රාන්ත බලශක්ති රෙගුලාසිවලට පටහැනි වන බව ද සදහන්.

මීට අමතරව චෝදනාවට ලක්වූ බලශක්ති සමාගම විසින් පවුල් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ පාරිභෝගිකයන් 38 දෙනෙකුගෙන් ණය මුදල් අය කර ගැනීම උදෙසා අනිසි ක්‍රියාමාර්ග ද ගෙන තිබෙන බවයි මෙහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »