
සිසුවෙක් විදෙස් පාසල් චාරිකාවක් අතරතුර මියයාම හේතුවෙන් මෙල්බන් අධිකරණය ඩොලර් එක් ලක්ෂ හතලිස් දහසක (140,000) දඩයක් නියම කර තිබෙනවා.
16 හැවිරිදි මෙම සිසුවා 2019 සැප්තැම්බර් මාසයේ වියට්නාම සංචාරයකදී හදිසියේ දියවැඩියා රෝග ලක්ෂණවලින් පෙළුන අතර පසුව මෙල්බර්න් හි රෝහලකදී මියගියා.
එහිදී ඔහු හෘදයාබාධයකට ගොදුරු වී මරණය සිදුවූ බවයි මරණ පරීක්ෂකවරයා අනාවරණය කර ඇත්තේ.

අධිකරණයේදී තීන්දු වූයේ පිළිගත් නිලධාරීන් යොදවා දරුවාගේ මරණය වළක්වා ගැනීමට පාසල සහ සංචාරක සමාගම් කටයුතු කර නොමැති බවයි.
එහිදී විනිසුරු විසින් ක්ලිවින්ටන් සංචාරක සමාගමට ඩොලර් 140,000 දඩයක් සහ වර්ල්ඩ් චැලේන්ජ් සමාගමට ඩොලර් 150,000 ක දඩයක් නියම කරනු ලැබුවා.

පාසලට සහ සංවිධානයට ද දඬුවම් ලබාදුන් බවයි මෙල්බන් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.