Search

ඔස්ට්‍රේලියානුවන් ණය ගැනීම කැපී පෙනෙන ලෙස ඉහළට

ඔස්ට්‍රේලියා ජනතාවගේ මූල්‍ය ණය ඉල්ලුම ඉහළ ගොස් ඇතැයි රජය පවසනවා.

මෙයට ප්‍රධාන හේතුවක් ලෙස දැක්වෙන්නේ නිවාස ගැටළුව බවයි මූල්‍ය උපදේශනය පිළිබඳ සම ප්‍රධාන විධායක ආචාර්ය ඩොමෙනික් මෙයරික් පවසන්නේ.

නිවාස ණය හිමියන් දස දෙනෙකුගෙන් හය දෙනෙකු උකස් සඳහා පෙළඹ ඇති බවද නව දත්ත වාර්තාව වල සඳහන්.

පසුගිය වසරේ 169,000 කට අධික පිරිසක් ජාතික ණය දුරකථන අංකය අමතා ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 12 ක වර්ධනයක් බවයි ඩොමෙනික් කියාසිටියේ.

අද නිකුත් වූ වාර්තාලට අනුව උද්ධමනය පහත වැටී ඇති අතර ඒ අනුව ලබන මාසයේදී පොලී අනුපාත අඩු කිරීමට මහ බැංකුව කටයුතු කරනු ඇති බව ද සඳහන් වනවා.

පොලී අනුපාත වෙනස්කම් නොතකා, මූල්‍ය දුෂ්කරතා ඇති ඕනෑම අයෙකුට උපදේශන සේවා සැපයීමට උපකාරක දුරකථන අංකය අමතන ලෙස ඔස්ට්‍රේලියා රජය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »