Search

එක ලකුණකින් ක්‍රීඩකයෙකුගේ ජීවිතයම වෙනස් වන ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තරඟාවලිය අද සිට

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන 7 වන වෝන් – මුරලි ටෙස්ට් තරගාවලිය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.

තරඟාවලියේ පළමු තරඟය වික්ටෝරියා වේලාවෙන් සවස 3 ට ආරම්භ වීමට නියමිතයි.

ගාල්ල අවට පොද වැසි තත්වයක් පවතින අතර එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ක් පමණ වන බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.

තරගාවලියේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා වන්නේ ස්ටිව් ස්මිත් වන අතර ඔහුට සිය ටෙස්ට් තරඟ දිවියේ ලකුණු දස දහසක් රැස්කිරීමට තවත් එක් ලකුණක් පමණක් අවශ්‍ය වනවා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී එම කඩඉම පසුකරනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ ධනංජය ද සිල්වා වන අතර ආබාධයකට ලක්ව සිටින පැතුම් නිස්සංක තරඟාවලියට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කළා.

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ටෙස්ට් තරග ඉතිහාසයේ මේ දක්වා තරගාවලි 14ක් පවත්වා ඇති අතර එහිදී ටෙස්ට් තරග 33 කදී තරග 20ක ජයග්‍රහණය ඔස්ට්‍රේලියාවට ද තරග 5ක ජයග්‍රහණය ශ්‍රී ලංකාව ද හිමිව තිබෙනවා.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »