
දකුණු කොරියාවේ දෙවන විශාලම නගරයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළක මගී ගුවන් යානයක් ගිනි ගෙන තිබෙනවා.
බූසාන්හි කිමේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ සිට හොංකොං බලා පියසර කරමින් තිබියදීයි මෙසේ අනතුරට ලක්ව ඇත්තේ.
176 දෙනෙකු රැගත් ගුවන් යානයේ සිටි මගීන් ඉන් ඉවත් කර ගැනීමට හැකි වූ බවයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ.

මගීන් 169 දෙනෙකු සහ ගුවන් සේවිකාවන් 7 දෙනෙකු රැගත් මෙම ගුවන් අනතුරෙන් එක් පුද්ගලයෙකු පමණක් තුවාල ලබා ඇති බවද වාර්තා වනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න නිවීමට බුසාන් හි ගිනි නිවීමේ බලධාරීන් වහා කටයුතු කර තිබෙනවා.

පසුගිය දෙසැම්බර් 29 වන දින තායිලන්තයේ සිට දකුණු කොරියාවේ මුවාන් දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 179 දෙනෙකු මියගියා. එය දකුණු කොරියාවේ මෑත කාලයේ සිදුවූ දරුණුතම ගුවන් අනතුරයි.