
අද නිකුත් කළ නවතම වාර්තා අනුව ඔස්ට්‍රේලියාවේ උද්ධමන අගය සියයට 3.2 දක්වා පහත වැටී තිබෙනවා.
සංචිත බැංකුව අපේක්ෂා කළ අගයට වඩා දෙසැම්බර් කාර්තුවේ උද්ධමන අගය පහත වැටී ඇති අතර මේ හේතුවෙන් පෙබරවාරි මස cash rate අගයද පහත වැටෙනු ඇතැයි ආර්ථික විශේෂඥයින් පුරෝකතනය කරනවා.
සංඛ්‍යාලේඛන කාර්යාංශය අද නිකුත් කළ නවතම වාර්තා අනුව සැප්තැම්බර් කාර්තුවට සාපේක්ෂව දෙසැම්බර් කාර්තුව සියයට 3.5 සිට සියයට 3.2 දක්වා පහත වැටී ඇති බව සදහන්.

කෙසේ වෙතත් සංචිත බැංකුව පුරෝකතනය කර තිබුණේ දෙසැම්බර් කාර්තුවේ මස මෙරට උද්ධමන අගය තවදුරටත් ඉහළ යනු ඇති බවයි.
උද්ධමනය පහත යන්නේ නම් පමනක් Cash rate අගය පහත දැමිය හැකි බවට ලබාදුන් බොරොන්දු අනුව පෙබරවාරි මස යළිත් සංචිත බැංකු ප්‍රධානීන් රැස්වීමත් සමග cash rate අගය පහත දැමිය යුතු බවයි ආර්ථික විශේෂඤයින් සදහන් කර ඇත්තේ.
