
ඔස්ට්‍රේලියානු පවුල් ඒකක සදහා ඔවුන්ගේ බලශක්ති බිල්පත් අඩු කිරීමට උපකාර කිරීමට අදාළ රජයේ සහනාධාර තවදුරටත් පුලුල් කිරීමට පියවර ගෙන තිබෙනවා.
පසුගිය වසර හය තුළ ක්‍රියාත්මක වූ වැඩසටහන්වල දිගුවක් ලෙස ක්‍රියාත්මක වන අතර මෙවර ඩොලර් මිලියන 144ක මුදලක් වැය කිරීමට රජය සූදානම් වනවා.
ෆෙඩරල් දේශගුණික විපර්යාස සහ බලශක්ති අමාත්‍ය Chris Bowen සදහන් කළේ තදාසන්න ප්‍රදේශයන් හි ජීවත් වන ජනතාවට ඩොලර් මිලියන ගණනක බලශක්ති බිල්පත් ඉතිරියක් ලබාගැනීමට අවස්ථාව හිමිවන බවයි.

තවද Bowen ගේ අදහස් වන්නේ ACT, බටහිර ඔස්ට්‍රේලියා, ක්වින්ස්ලන්ඩ් , වික්ටෝරියා සහ ටස්මේනියා යන ප්‍රාන්තයන්ට ඉදිරියේදි වැඩි වශයෙන් විදුලි බිල්පත් සහන හිමිවනු ඇති බව සදහන්.
එසේම ගෑස් උපාංග වලින් ඉවත්ව බලශක්ති උපාංග වෙත මාරුවීමට අවස්ථාව මෙමගින් සැලසෙන අතර ජීවන වියදම් අර්බුදය හමුවේ ආන්ඩුවලට කළ හැකි ඉහළම බලපෑමක් ලෙස මෙය සදහන් කර තිබෙනවා.

ගෑස් ඉන්ධන දහනය අවම කිරීම මගින් විශාල ඉතිරියක් රටට සිදුවන අතර සූර්ය බලයෙන් විදුලිය නිශ්පාදනය සදහා ප්‍රාන්ත මට්ටමින් අවස්ථාව හිමිවනු ඇති.