
ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල අතර අවබෝධතා ගිවිසුම්වලට එරට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.
ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ඔසවා තැබීම සහ විදේශීය විශ්ව විද්‍යාල සමග උසස් අධ්‍යාපන සහයෝගිතාව ජාත්‍යන්තර කරණය කිරීම මෙම වැඩසටහනේ අරමුණ යි.
ඒ අනුව කෙටිකාලීන පුහුණු පාඨමාලා සහ ව්‍යාපෘති හඳුනා ගැනීමේ අරමුණින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ ඕස්ට්‍රේලියාවේ ඩීකින් විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා බලධාරීන් කියාසිටින්නේ.

උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා සම්බන්ධයෙන් සහයෝගීව කටයුතු සිදු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය සහ ඕස්ට්‍රේලියා රාජකීය මෙල්බර්න් තාක්ෂණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
මේ සඳහා චීනය, ජපානය, නෝර්වේ, ඉන්දියා, අමරිකාව සහ දකුණු කොරියාව වැනි රටවල්වල විශ්ව විද්‍යාලත් සමග ද ශ්‍රී ලංකා රජය කටයුතු කිරීමට සූදානම් වනවා.
