Search

ඔස්ට්‍රේලියාවේ සරසවියක් ඩ්‍රෝන සම්බන්ධ උපාධියක් දෙන්න යයි

ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක් විසින් ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීම සම්බන්ධව උපාධි වැඩසටහනක් දියත් කිරීමට සූදානම් වනවා.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත්තේ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය විසිනුයි.

ඒ සදහා ඩ්‍රෝන පියාසර පැය 40 ක ප්‍රායෝගික පුහුණුවක් ද ඇතුලත් වන වන බවයි පැවසෙන්නේ.

ඊට අමතරව Surf Lifesaving ආයතනය සමග ඒකාබද්ධව අතුරුදහන් වූ පිහිනුම්කරුවන් සෙවීම සහ මෝරුන් සිටින ස්ථාන හදුනා ගැනීම සදහා ඩ්‍රෝන යානා යොදා ගන්නා ආකාරය පිළිබඳව පුහුණුවක් ද ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.

ගංවතුර සහ ලැව් ගිනි වැනි හදිසි අවස්ථාවන් වලදී සහාය වීම සදහා ඩ්‍රෝන යානා භාවිතා කරන ආකාරය පිළිබඳව ද මෙම උපාධි වැඩසටහන හරහා සිසුන්ට පුළුල් අවබෝධයක් ලබා ගැනීමට අවකාශය හිමි වනවා.

මෙම නව තාක්ෂණය පදනම් කරගෙන වර්තමාන සහ අනාගත ගැටළු විසදිය හැකි නායකයින් වැඩි දියුණු කිරීම වැදගත් වන බවයි නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලීය ගුවන් සේවා පාසලේ ප්‍රධානී බ්‍රෙටී මොල්ස්වර්ත් විසින් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »