Search

වික්ටෝරියා නගර තුනක් Most Welcoming Towns අතරට

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයන්ට ඉහළම පිළිගැනීමක් ලැබෙන නගර (Most Welcoming Towns) පිළිබඳව නවතම අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත්තේ Booking.com වෙබ් අඩවියේ 2025 Traveller Review Awards හි දත්ත පදනම් කරගෙනයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ නගර කිහිපයක් ද මෙම ශ්‍රේණිගත කිරීම සදහා ඇතුලත් වී තිබෙනවා.

මෙහි පස් වන ස්ථානය වික්ටෝරියා හි Ocean Grove වෙත හිමි වී තිබෙන බවයි දැක්වෙන්නේ.

Halls Gap සහ Daylesford වෙත ද මෙම අධ්‍යයනයේ දී පිළිවෙලින් අට වන සහ නව වන ස්ථාන හිමි වී තිබීම ද කැපී පෙනෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයන්ට ඉහළම පිළිගැනීමක් ලැබෙන නගරය බවට පත්ව ඇත්තේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ Montville ප්‍රදේශයයි.

ලැයිස්තුවේ දෙවන ස්ථානය ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ Maleny වෙත හිමි වී තිබෙන අතර එහි තුන්වන ස්ථානය බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Margaret River වෙත ලැබී තිබෙන බව ද වැඩිදුරටත් සදහන්.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »