Search

DeepSeek AI මෘදුකාංගය නිසා ලෝක බලවතුන් බියවෙයි

DeepSeek විසින් නිර්මාණය කරන ලද AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන Chatbot වේදිකාව පිළිබඳව මේ වනවිට බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා.

මෙය 2023 වසරේදී ආරම්භ කළ චීන සමාගමක් විසින් නිර්මාණය කර තිබෙන බවයි දැක්වෙන්නේ.

DeepSeek AI යෙදුම ඉකුත් 10 වනදා ඇමෙරිකා එක්සත් ජනපදය වෙත ද නිකුත් කර තිබෙන අතර එය මේ වනවිට ඇපල් උපාංගවල වැඩි පිරිසක් Download කර තිබෙන බවට වාර්තා වනවා.

Chatgpt වැනි AI මාදිලි නිපදවීමට වැය වූ මුදල්වලට සාපේක්ෂව අඩු මුදලක් මෙම ව්‍යාපෘතිය සදහා වැය වී තිබෙන බවයි සැලකෙන්නේ.

අදාළ ව්‍යාපෘතිය සිදු කළ පර්යේෂකයින් විසින් පෙන්වා දී ඇත්තේ ඒ සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 06 ක් පමණ වැය වී තිබෙන බවයි.

කෙසේ වෙතත් DeepSeek AI හේතුවෙන් ඇමෙරිකානු මෘදුකාංග ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ විශාල කඩා වැටීමක් පෙන්නුම් කෙරෙන බවද වැඩිදුරටත් සදහන්.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »